+94 27 222 22 75

නගරයේ ඉතිහාසය

පොළොන්නරුව රාජදානිය.

අනුරාධපුර යුගයෙන් පසුව ශ්‍රීලංකාවේ අග නගරය බවට පත් වුයේ පොළොන්නරුවයි . මෙම පොළොන්නරු නගරය අනුරාධපුර යුගයේ අවසන් භාගයේදී බලයට පත් වූ චෝල ආක්‍රමණිකයන් විසින් විනාශයට පත් කල අතර ක්‍රි.ව 1055 සිට 1110 අතර කාලය තුල රජ කල මහා විජයබාහු රජු එවකට විනශ්‍යට පත්ව තිබූ වෙහෙර විහාර මෙන්ම වාරි ශිෂ්ඨාචාරය ද නගා සිටුවීමට කට;යුතු කලේය. පොළොන්නරුව සංවර්ධනය කිරීමෙහි මූලික මෙහෙයුමක යෙදුනු පරාක්‍රමබාහු රජු ක්‍රි.ව 1153 සිට 1186 කාලය තුල වෙහෙර විහාර මෙන්ම වැව් අමුණු ආදියද ඉදිකරමින් ශාසනික මෙන්ම ආර්ථික වශ්යෙන්ද පොළොන්නරුව සමෘද්ධිමත් කිරීමට කටයුතු කලේය. ක්‍රි.ව 1187 සිට 1196 අතර රජ කල නිශ්ශංකමල්ල රජු විසින් එබදුම මෙහෙවරක් ඉටු කලද ඔහුගෙන් පසු බලයට පත් වු පාලකයන්ගේ දුර්වලකම් හේතුවෙන් දකුණු ඉන්දියානු ආක්‍රමණිකයකු වු කාලිංගමාඝ ඉතා පහසුවෙන් පොළොන්නරුවේ පාලනය අත්පත් කරගත්තේය. මෙකී තත්ත්වය හේතුවෙන් රාජධානිය දඹදෙණිය කරා සංක්‍රමණ වු අතර පොළොන්නරුව වල් බිහිවන්නට විය. රජ වරුන්ගේ පහස ලත් ආගමික ආයතන මෙන්ම නගරයද වන රොදින් වැසී ගත් අතර නැවත එලි පෙහෙලි කිරීම බ්‍රිතාන්‍ය සමයේදී ඇරඹිණි. එතැන් සිට අද දක්වා මෙසේ සැඟව පැවති ඉතිහාසය නැවත මතුකරලීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු විය.එමෙන්ම වර්තමානයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිදුන් විසින් පොළොන්නරු නගරය වටිනා ඉතිහාසයක් හිමි ලෝක උරුම නගරක් බවට පත් කිරීමට මහඟු වෙහෙසක් ගනී.