තාක්‍ෂණයේ දියුණුවත් සමඟ රාජ්‍ය පාලන ව්‍යුහය හා ජනතාව අතර සම්බන්ධතා වඩාත් සමීප කිරීමට මෙන්ම වැඩි කාර්යක්‍ෂමතාවයකින් යුතුව ජනතා සේවාවන් ඉටු කිරීමට පුලතිසිපුර ජනතාවට ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි.

විශේෂයෙන්ම රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව තොරතුරු තාක්‍ෂණයෙන් බල ගැන්වුණු රාජ්‍ය සේවාවක් ගොඩනැගීම සඳහා පොළොන්නරුව මහා නගර සභාවේ කටයුතු ස්වයංක්‍රීයකරණය කිරීමේ දිර්ඝ කාලීන ව්‍යාපෘතිය තුලින් ඉදිරි වසර කිහිපය තුළ දී නවීන තොරතුරු තාක්‍ෂණයෙන් බල ගැන්වුණු පළාත් පාලන ආයතනයක් බවට පොළොන්නරුව මහා නගර සභාව පත් කිරීම අපගේ අපේක්‍ෂාව බව ද සතුටින් සඳහන් කරමි.     

කේ.සී.නිරෝෂණී ගුණදාස,

නාගරික කොමසාරිස් සහ
පොළොන්නරුව මහා නගර සභාවේ
බලතල කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරි

දැක්ම

“සුව පහසු දිවියකට තිරසාර පුරවරයක් .”

මෙහෙවර

“පුලතිසි පුරවරයේ ඓතිහාසික පෞඩත්වය හා සොබා දහමේ සුන්දරත්වය ආරක්ෂා කර ගනිමින් දිවයිනේ ආකර්ශනීය නගරය බවට පත්වීම සඳහා රජයේ යහපාලන ප්‍රතිපත්ති වලට අනුකුලව සභාව සතු ආර්ථික, භෞතික හා මානව සම්පත් ප්‍රශස්ත ලෙස කළමණාකරනය කර ගනිමින් බලප්‍රදේශයේ අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන සමග මිත්‍රශීලීව පුරවැසි ජනතාව තෘප්තිමත් වන ආකාරයේ උසස් ජීවන තත්වයක් ළඟා කර දීම උදෙසා විශිෂ්ඨ මහජන සේවාවක් ලබාදීම අපගේ මෙහෙවර වන්නේය.”

DEMOGRAPHY

POPULATION

39552

ADMINISTRATIVE AREA

30.29 km²