සෞඛ්‍ය සේවකයින් උදෙසා විශේෂ ඇගයීම් සහ දිරිගැන්වීමේ පුහුණු වැඩසටහන


පළාත් පාලන ආයතන මගින් එකතු කරනු ලබන අපද්‍රව්‍ය සංගණන වැඩසටහනට සමගාමීව පොළොන්නරුව මහා නගර සභා බල ප්‍රදේශයේ දී මහා නගර සභා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් මෙම වැඩසටහන සාර්ථක ලෙස සිදු කරන ලද අතර මේ වෙනුවෙන් කැප වූ සෞඛ්‍ය සේවකයින් උදෙසා විශේෂ ඇගයීම් සහ දිරිගැන්වීමේ පුහුණු වැඩසටහනක් 2024.03.21 වන දින මහා නගර සභාවේ නාගරික කොමසාරිස්තුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී..
මෙම අවස්ථාව සදහා මහා නගර සභාවේ නාගරික සෞඛ්‍ය වෛද්‍යතුමන්,පරිපාලන නිලධාරීතුමිය ඇතුලු කාර්යය මණ්ඩලය සහභාගී විය..

පොළොන්නරුව JIORAH Friends Club හි සාමාජිකයන්ගේ වටිනා ශ්‍රම දායකත්වයෙන් සහ පොළොන්නරුව මහා නගර සභා සෞඛ්‍ය ඒකකය එක්ව 2024.02.18 වන දින පරාක්‍රම සමුද්‍රය වැව් බැම්ම පිරිසිදු කිරීමේ වැඩසටහනක් සිදු කරන ලදී.

පොළොන්නරුව මහා නගර සභාවේ රාජකාරි සිදු කර උසස් වීමක් ලබා වෙනත් ආයතනයකට සම්බන්ධ වූ තාක්ෂණ නිලධාරී වරුණි සෝමපාල මහත්මියගේ සහ ස්ථාන මාරු ලබා වෙනත් ආයතනයකට සම්බන්ධ වූ සංවර්ධන නිලධාරී රුවන්තිස්ස මහතාගේ වසර 05 ක පමණ සේවා කාලය නිමකිරීම නිමිත්තෙන් 2024.02.07 වන දින නාගරික කොමසාරිස්තුමිය ඇතුලු කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් ඇගයීම් තිළිණ ලබා දීමක් සිදු කරන ලදී.

මහා නගර සභාව සදහා ඔබ දෙපල සිදුකල සුවිශේෂි මෙහෙවරට කෘතවේදීත්වය පිරිනමන අතර ඔබගේ අනාගතය වෙනුවෙන් සුභාශිංසනය පිරිනමමු.

පොළොන්නරුව මහා නගර සභා බල ප්‍රදේශයට අයත් නවනගරය කොට්ඨාශයේ මාතෘ හා ළමා සායන මධ්‍යස්ථානය අද දින (2023.01.24) පැරණි තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේදී දැයේ මව්වරුන් උදෙසා දායාද කරන ලද අතර මෙහි පළමු සායනයද අද දිනයේදී සිදු කරන ලදී.

පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පුර්ණ මාර්ගෝපදේශකත්වය යටතේ මව්වරුන්ගේ හා දරුවන්ගේ සෞඛ්‍ය තත්වය ප්‍රශස්ථ මට්ටමකට පවත්වා ගැනීමත්, සෞඛ්‍යමත් දරුවන් බිහිකිරීමත්, සඳහා අවශ්‍ය උපදෙස් හා සහාය ලබාදීම අරමුණු කර ගනිමින් “මාතෘ හා ළමා සායන මධ්‍යස්ථානය – නවනගරය ” පොළොන්නරුව ජනතාවගේ හිතසුව පිණිස පොළොන්නරුව මහා නගර සභාව විසින් මෙසේ ස්ථාපිත කරන ලදී.